Saturday, December 2, 2017

අදුරු දවස් (ආරම්භය)


මේ අදුරු දවස් කවද ඉවර වෙයිද කියන එක කවුරුත්ම දන්නේ නැතුව ඇති .
අඩු තරමේ දෙයියොවත්
අද දවස සෙනසුරාදාවක්ද සදුදාවක්ද බදාදාවක්ද කියන එක වත් කවුරුත් දන්නේ නැතුව ඇති.
දැන් කළුවර හොදට පුරුදුයි ජීවත් වෙන අය හොය හොය යන්න පටන් අරන් දවස් තුනක් වෙනවා. තාම කවුරුවත් හම්බවුනේ නෑ.
මන් දන්නේ මෙච්චරයි මම දැන් ඉන්නේ මහරගම කොහේ හරි තැනක . ඔව් මහරගම..
මන් එදා වැස්සෙම මහරගම ආවා ලකියත් එක්ක. වැහි අදුර කොහොමත් දවස් දෙක තුනක් තිස්සේ තිබිච්ච නිසා හැමෝම වැසි දිනවල තමතමන්ගේ වැඩ කටයුතු සිද්ධ වෙන විදිහට වෙන්න දෙනවා වගේ මමත් ඔෆිස් එකේ මට අදාල වැඩ වල පුරුදු විදිහට යෙදිලා හිටියේ.
ලකියා හිටි හැටියෙම මහරගමට ගිහින් එමු කිව්වම බෑ කියන්න බැරි කමට යන් කිව්වා. වැස්සේ බයික් පදින්න බෑනේ ලකියගේ කාර්එකට පන්සීයක් ගහන් ගියේ.
අපි මහරගමට යනකොට කාලකන්නි මූසල හුලංඟකුත් එක්ක වැහි බීරම් අදුර  මහරගම කාලා දියාරු කරලා තිබ්බේ .
ට්‍රැෆික් එක
අම්මෝ ට්‍රැෆික් එක!
පීක් පීක් සද්දේ එන්ජින් වල ස්දෙදෙ එක්ක වැහිපොද බිම වැටෙන සද්දෙයි අකුණු සද්දෙත් එක්ක මිශ්‍ර වෙලා මූසල සංගීතයක් දුන්නේ . ලකියගේ කාර් එකේ වයිපරෙනුත් චිරිස් චිරිස් සද්දයක් එකතු කලා කනට. පරණ කාර් එකක්නේ
එකපාරම ආපු සද්දය බෝම්බයක් පුපුරණ සද්දයකටත් වඩා ලොකු සද්දයක් . ඒත් එක්කකම හොන් හඩ මුළු මහරගමම වහගත්තා . වාහන දාලා මිනිස්සු දුවන්න ගත්තා මේ සේරම දේවල් වෙන්න තත්පර දහයක් විස්සක් මන්දා හිතාගන්න බෑ එකපාරටම වෙන්න ගත්තේ .
ඒත් එක්කම ලකියගේ කාර් එක ඉස්සරහටම අහසින් නිල්පාට කාර් එකක් වැටුනා . අපි හිටියේ එළියේ . මතක නෑ එලියට ආවේ කොහොමද කියලවත් අපි දෙන්නම දැක්කා ඒ දර්ශනය. වෙන මොනව කරන්නද අනිත් මිනිස්සු වගේම දුවන එක ඇරෙන්න .
අපි දිව්වා පුළුවන් තරම් හයියෙන් දිව්වා . වාහන උඩින් පැන පැන .
ජීවිතේ බේරගන්න එක ඇරෙන්න වෙන මුකුත්ම්ම අපේ දෙන්නගෙම හිත්වල තියෙන්නේ නැතුව ඇති .
ඒ වගේම මේ හැම දේටම තත්පර ගානක් මිසක් විනාඩියක් වත් යන්නේ නැතුව ඇති.
හිතාගන්නවත් බැරිවේගෙන් දේවල් සිද්වෙන්නේ . මම වෙන මුකුත් දැක්කේ නෑ ඉඩ තියෙන තැන් වලින් රිංගලා පනින්න වෙන තැන්වලින් පැන පැන දිව්වා . ලකියත් එනවද කියන එක විතරයි බැළුවෙ මොකද ලකිය විතරයි ඒ වෙලාවේ මගේ ඔළුවෙ හිටියෙ.
ඌත් මගේ පස්සෙන් බේරි බේරි ආවා.
“එකපාරටම “
මං ඇස් ඇරියා.
 මං කොහෙද .
හීනයක් දැක්කද .
පෙඟිලා
 මුළු ඇඟම වතුරෙන් පෙඟිලා.
 ඒක දැනෙනවා .
ඒක දැනුනා.
පේන් නෑ මුකුත්ම. හතර පැත්තම කළුවරයි .
මන් හීනෙක.
කාමරේ ලයිට් එක දාන්න නැගිට්න්න ඔනේ .
මං නැගිට්ටා .
ඒත් ඒක හිතින් හිත්න්න විතරයි පුළුවන් මට නැගිට ගන්න බෑ.
නෑ මන් මේ දකින්නේ හීනයක් නෙමේ.මේ දේවල් ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් හැබැයි සිද්ධ වෙච්ච දේ තාමවත් මම දන්නේ නෑ. මම විතරක් නෙමේ කවුරුවත් දන්නෑ . ඒක විතරක් මම දන්නවා.
මං හිරවෙලා ඉන්නේ කියන එක තෙරුම් ගන්න ඒ තරම් වෙලා ගියේ නෑ .
අකුණු ගහනවා අකූණු එලියකින් තමයි දැක්කේ පැත්තට වැටිච්ච කාර් එකකට මගේ බඩෙන් පහල යට වෙලා  තිබුනේ.
මම මරණයේ අඳොනාවන් ගුගුරු ගහන කළුවර ලෝකයක හිරවෙලා තනිවෙලා කියලා මම ඒ වෙලාවේ තේරුම් ගත්තා
ආයෙමත් ඇස් පියාගත්තා.


-මතු සම්බන්ධයි-

No comments:

Post a Comment